ඇන්තනී ගිඩන්ස්ගේ ‘සෝශිඕලොජි’ (2006) නම් ග්‍රන්ථයෙන් උපුටාගත් සමාජවිද්‍යාත්මක සංකල්පවල නිර්වචන පහත දැක්වේ.
පරිවර්තනය – කොළඹ විශ්වවිද්‍යාලයීය සමාජවිද්‍යා ශිෂ්‍ය සංගමය
Aging/වියපත්වීම – මිනිසුන් වයස්ගත වනවාත් සමඟම ඔවුන්ට බලපාන ජීවවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක සහ සමාජයීය ක්‍රියාවලීන්ගේ එකතුව (2006, පි. 1007).
Agrarian societies/කෘෂිකාර්මික සමාජ – තම යැපුම් මාධ්‍යය කෘෂිකාර්මික නිශ්පාදනය (බෝග වැවීම) කරගත් සමාජ (2006, පි. 1007).
Ascribed status/ආරෝපිත තත්ත්වය – ජාතිය, ස්ත්‍රීපුරුෂභාවය හෝ වයස වැනි ජීවවිද්‍යාත්මක කරුණු මත පදනම් වූ සමාජ තත්ත්වය (2006, පි. 1008).
Authority/ආධිපත්‍යය - මැක්ස් වේබර් අනුගමනය කරමින් බොහෝ සමාජවිද්‍යාඥයින් තර්ක කොට ඇත්තේ ආධිපත්‍යය යනු එක් පුද්ගලයෙක් හෝ සමූහයක් තවත් පුද්ගලයෙක් හෝ සමූහයක් මත යොදවන නීත්‍යානුකූල බලය බවයි. නීත්‍යානුකූලභාවය යන අංගය ආධිපත්‍යය පිළිබඳ අදහසට අත්‍යවශ්‍යවන අතර එය සාමාන්‍යයෙන් බලය ලෙස හඳුන්වන සංකල්පයෙන් ආධිපත්‍යය වෙන්කොට හඳුනාගැනීමට ඇති ප්‍රධානත ම මාධ්‍යයයි. බලහත්කාරය හෝ ප්‍රචණ්ඩත්වය යොදාගනිමින් බලය යෙදවීම කළ හැකිය. එනමුත් ආධිපත්‍යය රඳා පවතින්නේ තමන්ට ඉහළින් සිටින අයට තමන්ට ආඥා හෝ නියෝග දීමට අයිතියක් ඇති බව පහළින් සිටින අයගේ පිළිගැනීම මතයි (2006, පි. 1008).
Family/ පවුල - පවුලක් යනු ඥාති සම්බන්ධතාවන්ගෙන් ඍජු ලෙස බැඳී සිටින පුද්ගලයන් සමූහයකි. මෙම සමූහයේ වැඩිහිටි සාමාජිකයන් විසින් දරුවන්ගේ වගකීම භාරගනු ලැබේ (2006, පි. 206).
Global city/ගෝලීය නගරය - ගෝලීය ආර්ථිකය සංවිධානය කරන කේන්ද්‍රයක් බවට පත්වී ඇති ලන්ඩන්, නිව්යෝර්ක් හෝ ටොකියෝ වැනි නගර (2006, පි. 1018).
Kinship ties/ඥාති සම්බන්ධතා- ඥාති සම්බන්ධතා යනු පුද්ගලයින් අතර විවාහය තුළින් හෝ ලේ ඥාතීන් සම්බන්ධ කරන අවරෝහණ පෙළපත් තුළින් හෝ ඇතිවන සම්බන්ධතා ය (2006 පි. 206).
Macrosociolgy/සාර්ව සමාජවිද්‍යාව – සාර්ව සමාජවිද්‍යාව යනු පුළුල් සමාජ පද්ධති විශ්ලේෂණයයි. උදාහරණ ලෙස දේශපාලන පද්ධතිය හෝ ආර්ථික පද්ධතිය දැක්විය හැක (2006, පි. 25).
Microsociology/ක්ෂුද්‍ර සමාජවිද්‍යාව – මුහුණට මුහුණලා ඇති වන අන්තර්ක්‍රියා තත්ත්වයන්වලදී එදිනෙදා මානව හැසිරීම් අධ්‍යනය සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර සමාජවිද්‍යාව වශයෙන් හැඳින්වේ (2006, පි. 25).
Socialization/සමාජානුයෝජනය – අසරණ ළදරුවෙකු ක්‍රමිකව තමා ඉපදුනු සංස්කෘතියේ විධි පිළිබඳව පුහුණුවක් ඇති, ආත්මාවබෝධයකින් යුත් ඥානවන්ත පුද්ගලයකු බවට පත්කරන්නා වූ ක්‍රියාවලියයි (2006, පි. 163).
Sociology/සමාජවිද්‍යාව – සමාජවිද්‍යාව යනු මානව සමාජ ජීවිතය, සමූහ, සහ සමාජ පිළිබඳව කෙරෙන විද්‍යාත්මක අධ්‍යයනයයි (2006, පි. 4).
තවත් නිර්වචන ඉදිරියේදී බලාපොරොත්තු වන්න…
Comments
i think it is very good academic programme.