‘Social work’ කියන්නේ මොකක්ද?

උන්නතී සමරවීර

සමාජ විද්‍යා විශේෂ උපාධිය හදාරන සිසුවියන් දෙදෙනෙකු විශ්වවිද්‍යාල බස් නැවතුම් පොළ අසළදී

සඳුනි: අහ්! දිල්මි සුබ උදෑසනක් වේවා! අද සෙනසුරාදත් උදේ
     
 පාන්දර විශ්වවිද්‍යාලෙ ආවද?

දිල්මි: ඔයාටත් සුබ උදෑසනක් වේවා! ඔව්, සඳුනි. අපි අද social
      work field යන දවසනේ.

සඳුනි: , ඇත්තද? ඇත්තට මොකක්ද social work වලට සිංහලෙන් ඔයාලා භාවිත කරන්නේ? මොකක්ද ක්ෂේත්‍රයේදී ඔයාල කරන්නේ?

දිල්මි: Social workවලට, සමාජාභිවර්ධන කාර්යය ප්‍රවේශය, සමාජ වෘත්තිවේදය, සමාජ වැඩ වගේ වචන කීපයක් භාවිත කෙරෙනවා. ඇත්තට සමාජ වෘත්තිවේදය තුළදී අපි උත්සහ කරන්නේ, සමාජයෙන් ආන්තීකරණය වෙලා සිටින පුද්ගල කණ්ඩායම් නැවත සමාජගත කරන්නේ කොහොමද? කියල කටයුතු සොයා බලා, ඒවා ක්‍රියාත්මක කිරීම. එතනදී විශේෂත්වය වෙන්නේ, අපි ආන්තිකවෙලා සිටින පුද්ගල කණ්ඩායම්වලට ගැටලුව විසඳගන්න පුළුවන් මාර්ග පෙන්වා දීමක් තමයි සිද්ධ කරන්නේ. නැතුව අපි එයාලගේ ජීවිත ගැන තීරණ ගන්නේ නෑ.

සඳුනි: ආන්තීකරණය කියන්නේ, සමාජයෙන් කොන්වුණු වගේ
      
 අදහසක් නේද?

දිල්මි: ඔව්, එහෙමත් කියන්න පුළුවන්. උදාහරණ විදියට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්, මානසික අර්බුදවලට ලක් වූවන්, ලිංගික ශ්‍රමිකයන්, යාචකයන්, සමලිංගිකයන් වගේ සමාජ කොටස් සමාජයෙන් ආන්තික වෙන අය විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. එයාලට පවතින සමාජය සමඟ ඉදිරියට යන්න, ගනුදෙනු කරන්න නොහැකිවීමත් සමඟ අයව සමාජයේ අනිත් අය විසින් ප්‍රතික්ෂේප කිරීමක් තමයි සිද්ධ වෙන්නේ.

සඳුනි: කියන්නේ, වයස, පංතිය, කුලය, වාර්ගිකත්වය, ස්ත්‍රී-පුරුෂභාවය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, භූගෝලීය පිහිටීම, සෞඛ්‍ය හා ශාරීරික හැකියාව වගේ කරුණු මත පදනම්වෙලා අපේ මේ සමාජයේ ක්‍රියාත්මක වන බල අසමතුලිතතාවය නිසා පීඩාවට පත් වුණු පුද්ගල කණ්ඩායම් වෙනුවෙන් තමයි ඔයාලා කටයුතු කරන්නේ, නේද?

දිල්මි: ඔව්, සඳුනි, එතනදී social workers ලගෙන් බලාපොරොත්තු වන්නේ සමාජ සංස්ථාව තුළ ව්‍යාප්තවෙලා ියෙන සමාජ අසාධාරණත්වය අවබෝධ කර ගෙන, නිසා සමාජයේ පීඩාවට පත්වෙලා ඉන්න තනි පුදගලයන්ටත්, සමාජ කණ්ඩායම්වලටත්, අයගේ ජීවිතවල පාලනයක් ඇතිකර ගන්න මඟ පෙන්වන එක.

සඳුනි: ඔයා දැන් දෙපාරක් මඟ පෙන්වීමක් ගැන කිව්වා. ඒක
     
 මට ටිකක් අපහැදිලියි.

දිල්මි: මෙහෙමයි, social workersලා, එයාලා ගාවට එන සේවා ලාභීන්ට සෘජු විසඳුම් දෙන්නේ නැහැ. අදාළ ගැටලුව විසඳාගත හැකි මාර්ග කරා සේවා ලාභියාව යොමු කිරීමක් තමයි සිද්ධ කරන්නේ.

සඳුනි: ආහ්! උදාහරණයක් විදියට, මාළු අල්ලන කෙනෙක්ට, මාළු අල්ලන මාර්ග පෙන්වලා දෙනවා මිසක් එයාට මාළුවා අල්ලලා අතට දෙන්නේ නෑ කියලද කියන්නේ?

දිල්මි: හරියට හරි. හැබැයි ඒක ඔය උදාහරණේ වගේ සරල නෑ. මොකද?, අපිට වැඩ කරන්න වෙන්නේ ගොඩක් සංවේදී ප්‍රශ්න තියෙන අපි වගේ සාමාන්‍ය මිනිස්සුත් එක්කනේ. එතැනදී, අපේ සේවාලාභියාගේ ගැටලුව දෙස ගවේෂණාත්මකව බලන්න වගේ පුද්ගලයා එක්ක මනා සම්බන්ධතාවක් ගොඩනඟා ගන්නත්, තිබෙන සම්පත් ප්‍රයෝජනයට ගන්නත් අපි දැනගන්න ඕන. විශේෂ දේ තමයි, එයාලා ඉන්නේ අවධානම් අවස්ථාවක නම්, අවධානම් තත්ත්වය ගැන හොඳ අවබෝධයක් වගේ , එයාලා ඒකෙන් මුදවලා බලගන්වන්නේ කොහොමද? කියලත් අපට පුළුල් අවබෝධයක් තියෙන්න ඕන.

සඳුනි: බලාගෙන යද්දී, සමාජ වෘත්තිවේදය කියන්නේ ගොඩක් සංකීර්ණ වගේම සිත් ඇදගන්නා ක්ෂේත්‍රයක් නේද? මම හිතාගෙන හිටියේ social work කිව්වම කාටහරි උපකාර කිරීමක්, සමාජ සේවයක් වගේ කියලා.

දිල්මි: ඇත්තටම නෑ. දැන් ඔයාට තේරෙනවනේ මේ social work field එක ඊට වඩා ගොඩක් පුළුල්ව විහිදුණු ක්ෂේත්‍රයක් කියලා. මට හිතෙන්නේ ලංකාවේ ගොඩක් social work ගැන කතා කෙරෙන්නේ, දයානුකම්පාවෙන් කරන සමාජ සේවයක් වගේ අදහසකින් නිසා තමයි, අපිට ගැන පැහැදිලි වැටහීමක් නැත්තේ.

සඳුනි: ඔව් දිල්මි, මටත් එහෙම හිතෙනවා. ඔයා එක්ක මේ ගැන කතා කළේ නැත්නම් මමත් තාම හිතන්නේ එහෙමයි.

දිල්මි: අන්න, අපේ කට්ටිය field යන්න එනවා, මම එහෙනම්
     
 යනවා සඳුනි.

දිල්මි: හොඳයි, ඔයාව මුණ ගැහුණම මම social work ගැන
     
 තව විස්තර ඔයාගෙන් අහගන්නම්කො.

Post a comment or leave a trackback: Trackback URL.

Comments

  • Thanuja Perera  On May 24, 2010 at 2:57 am

    In fact it is a sound introduction to Social Work presented in the form of a dialogue.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: