නවක හමුව

 

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා විශේෂවේදී උපධිය හැදෑරීමට අලුතින් පැමිණි 2009 කාණ්ඩයේ සිසුන් සඳහා නවක හමුවක් පසුගිය පෙබරවාරි මාසයේ දී සමාජවිද්‍යා ශිෂ්‍ය සංගමයේ තෙවන වසර සිසුන් විසින් සංවිධානය කර තිබුණි. විවිධ ගායන, නර්තන සහ නාට්‍ය අංග ‍රැසකින් එදින වර්ණවත් වූ අතර, උත්සවය පැවැත්වීම සඳහා විශ්වවිද්‍යාලයේ එතරම් ප්‍රයෝජනයට නොගත් අවකාශයක් භාවිතා කිරීම විශේෂත්වයක් විය. සමාජවිද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය මණ්ඩලය, සමාජවිද්‍යා විශේෂවේදී සිසුන් සහ උත්සවය නැරඹීම සඳහා විශ්වවිද්‍යාලයේ අනෙකුත් සිසුන් ‍රැසකගේ සහභාගීත්වයක් එදින දක්නට ලැබුණි. ඉන් කිහිපදෙනෙකුගේ අදහස් පහත දැක්වේ.

ඒ උත්සවයට මට එන්න ලැබීම ගැන මම සතු‍ටු වෙනවා. මම හිතනවා ඒක හොඳින් සංවිධානය කරල තිබුණා කියලා. අපේ සිසුන් කිහිපදෙනෙකුගේ දක්ෂතා අපි හඳුනාගත්තා. ඒක ගොඩක් වැදගත්. අපි ඔබට පන්තිකාමරයේ විෂයට අදාල ඉදිරිපත් කිරීමක් පැවරුවොත් හැරෙන්නට ඔබගේ එවැනි දක්ෂතා දැනගන්න අවස්ථාවක් අපිට ලැබෙන්නෙ නැහැ. ඒ උත්සවය නවක සිසුන්ටත් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් වුණා කියලා මම හිතනවා. ඒදා අපිට ලැබුණු friendship bands හරි ම ලස්සනයි සහ අසාමාන්‍යයි. ආචාර්ය මණ්ඩලය සමඟ මිත්‍රත්වයක් පවත්වාගැනීම හොඳ අදහසක්. ඒ නවක හමුව ගොඩක් හොඳයි. මම එය ගොඩක් රස වින්දා.”    – ආචාර්ය ගමිලා සමරසිංහ

“එදා හැම දෙයක් ම හොඳින් සිදු කෙරුණා. මම උත්සවයේ ‍රැඳී සිටි කෙටි කාලය තුළ දැකපු ගායන සහ නර්තන අංග ඉතා හොඳයි. ඒ නවක හමුව සාර්ථකයි කියල මම හිතනවා.” ඇන්තනී රොබින්සන් මහතා

“හුඟ කාලෙකින් පස්සේ සමාජවිද්‍යා ශිෂ්‍ය සංගමය නැවත පිහි‍ටුවල කරපු පළමුවෙනි උත්සවය. ඉතා අලංකාරයි, ඇත්තට ම සංස්කෘතිකමය වශයෙන් පිළිවෙලකට ඉදිරිපත් කිරීම සහ ඒ ඉදිරිපත්කිරීම් කරපු ශිල්පීන්, ශිල්පිනියන්ගේ කරපු වැඩ හැම දෙයක් ම හරි ම හොඳයි. මා හිතනවා අපේ ආචාර්ය මණ්ඩලයේ සෑම දෙනෙක්ට ම සතුටක් දැනුනා.”   C. නිරිඇල්ල මහතා

“අපේ විශ්වවිද්‍යාලය තුළ ‍රැග් එක නැති එක නිසා අපි අපේ කට්ටිය අඳුරන්නේ නෑ. අලුතින් course unit එකක් ‍තෝරගන්නකොට ඒක කරන්නෙ කොහොමද කියල පැහැදිලි අදහසක් ගන්න නම්, අපිට කලිං ඒව කරපු අයව හම්බවෙලා කතා කරන්න ඕනෙ. එහි දී අපි සමාජවිද්‍යා විශේෂවේදී උපාධිය හදාරන අයව අඳුරගෙන ඉන්න ඕනෙ. ඒ ගැටළුව අපි මුල දි ම මුහුණ දීපු දෙයක්. ඒ නිසා අපි තීරණය කළා සමාජවිද්‍යාව කරන්න අලුතින් එන අය අපිව අඳුරගෙන ඉන්න ඕනෙ නිසා ඔවුන් සඳහා නවක හමුවක් විධිමත් ව කරන්න ඕනෙ කියල. මම හිතනවා ඒක ගොඩක් සාර්ථක වුණා කියල. සසංක සර්ගෙන් අපිට ලැබුණු මඟ පෙන්වීම ගොඩක් ලොකු ආලෝකයක් වුණා. අවසාන වශයෙන්, මම හිතනවා අපි කරපු දේ ගොඩක් දුරට දෙවන වසර සිසුන් අතරට ගිහින් තියෙනවා කියලා.”   -හසිත පීරිස් (තෙවන වසර සමාජවිද්‍යා විශේෂවේදී ශිෂ්‍ය)

“සමාජවිද්‍යා අංශය ගත්තම, අපේ අයියලා අක්කලා අපි අධ්‍යයනය කරන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදීත් දැනුමක් ලබා දුන්නා. එහි දී ඉදිරිපත් කරපු නාට්‍යයෙන් පෙන්නුවා සමාජවිද්‍යාව කියන්නේ මොකක්ද කියල. අපි දකින දෙයට වඩා එහාට ගිහිල්ල අපි යමක් දෙස බලන්න ඕනෙ කියන එක, පරිකල්පනය පිළිබඳව අපිට ඉගැන්නුවා. අපි ඉගෙනගන්න යන්නෙ මොකක් ගැන ද කියලා අපිට ලොකු අවබොධයක් ලැබුණා. ඒක ගැන අපි ගොඩක් සතු‍ටු වෙනවා. අපිට හිතුණා අපි අනිත් අයට වඩා වෙනස් කියල. අනිත් අය සමාජය දකින ආකාරයට නෙවෙයි අපි සමාජය දකින්නෙ. අපිට ඒක නවක හමුවෙන් දකින්න ලැබුණා. අපි අතර ගොඩනැගුණු ඒ සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වෙන්න ඕනෙ. අංශධිපතිතුමා කරපු පුංචි කතාව ඉතා ම වැදගත් වුණා. ඒ උත්සවයට අපි ‍තෝරගත්තු ස්ථානය පවා අපිට ලොකු ආදාර්ශයක් දුන්නා. තිබෙන අවකාශයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍යයයි කියන ආදර්ශය අපිට ලැබුණා.”  –ඔක්කම්පිටියේ දීපංකර ස්වාමීන් වහන්සේ (දෙවන වසර සමාජවිද්‍යා විශේෂවේදී ශිෂ්‍ය)

Post a comment or leave a trackback: Trackback URL.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: