Monthly Archives: April 2010

ලොට තනයේ කොල්ලකරුවෝ

අනුෂ්කා කහඳගමගේ

ලේ කිරෙන් මැවු දහස්          දරුවෝ
මෑණියනි අද කොහිද           විරුවෝ
පුන් පියවුරෙන් උරා            බිව්වෝ
ලොට තනයකට කොල්ල      කරුවෝ

මැරුණු බිම්වල අයිති           කරුවෝ
මහත් සොහොයුරු පෙමක     මරුවෝ
ලේ පිපාසිත ‍රැයෙහි            විරුවෝ
මහත් කොළහල කෙරුම්       කරුවෝ

එකම කිරිවල හයිය            ලැබුවෝ
පියවරුන්ගෙන් බෙදුණු         එව්වෝ
ලෙයට ලෙය දී සටන්        කෙරුවෝ
සොහොන් කොත්වල අයිති    කරුවෝ

පාව එන මේ සුළඟ             ඉරුවෝ
කුමන ලෙයකද කියනු         බැරුවෝ
තල් කැළෑවේ අයිති            කරුවෝ
කෙසේ කියමුද කවුද            දිනුවෝ

ආඬි ළිංවල වතුර                බිව්වෝ
නිල් අහස යට බෙදුම්           කරුවෝ
වැලි පොළව මැද සටන්        කරුවෝ
වැල්ලෙ අයිතිය අපට           කිව්වෝ

ගුණාත්මක පර්යේෂණයට හැඳින්වීමක්

චමත්කා දේවසිරි සහ තමාරා නිශ්ශංක

සමාජවිද්‍යා විශය ක්ෂේත්‍රය තුළ ගුණාත්මක පර්යේෂණ පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වන නමුත්, ඒ සඳහා සිංහල භාෂාවෙන් ලියැවී ඇති සාහිත්‍යය ඉතා අල්ප බව අපට අවබෝධ විය. මේ නිසා මාශල් සහ රොස්මන් (1999) විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද ගුණාත්මක පර්යේෂණ පිළිබඳ කෘතියේ හැඳින්වීමේ පරිච්ඡේදය අපට සිංහලයට පරිවර්තනය කරන්නට සිතුනි. එහි PDF වර්ගයේ ලිපිය ඔබට පහතින් බාගත කළ හැක.

ගුණාත්මක පර්යේෂණයට හැඳින්වීමක්

මෙම පරිවර්තනය සමාජවිද්‍යාව පමණක් නොව වෙනත් සමාජයීය විද්‍යාවන් හදාරන සිසුන්ට ද ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි විශ්වාස කරමු.