වර්ණ රේඛා සිත්තම් උළෙල – 2010

කොළඹ විශ්වවිද්‍යාලයීය සමාජවිද්‍යා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය  කරනු ලබන ‘වර්ණ රේඛා සිත්තම් උළෙල – 2010’ සැප්තැම්බර් 2 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා ශාස්ත්‍ර පීඨයේ ග්‍රීන් ටේබල්ස් ශාලාවේදී පැවැත්වේ. මෙම උළෙල සියල්ලන්ටම තම සිතුවිලි කැමති මාතෘකාවක් යටතේ නිදහසේ චිත්‍රණය කිරීමට වර්ණවත් අවස්ථාවක් වනු ඇත.paint_brush

සහභාගීවන්නන්ට A3 ප්‍රමාණයේ චිත්‍ර කොළයක් සැපයෙනු ඇත. චිත්‍ර ඇඳීම සඳහා අවශ්‍ය පාට සහ පින්සල් රැගෙන ආ යුතු බව කරුණාවෙන් සලකන්න. ඡන්ද විමසීමකින් තෝරාගැනෙන පළමු, දෙවන, සහ තෙවන ස්ථාන ජයග්‍රාහකයින්ට වටිනා තෑගි පිරිනමනු ලබන අතර සහභාගීවන සියල්ලන්ටම සහතිකපත් ප්‍රදානය කෙරේ.

වර්ණ රේඛා සිත්තම් උළෙල සඳහා සහභාගීවීමට බලපොරොත්තුවන සියල්ලන්ම අගෝස්තු 30, හෝ ඊට පෙර සමාජවිද්‍යා අධ්‍යනාංශයේ ඇති ලේඛනයේ නම සඳහන් කර ස්ථානයක් වෙන් කර ගන්න.

ශාස්ත්‍ර පීඨයේ සියලුම සිසුන්ට සහ කාර්යමණ්ඩල සාමාජිකයින්ට (අධ්‍යයන/අනධ්‍යයන) උණුසුම් ආරාධනා!

වැඩිදුර විස්තර සඳහා පහත නම් සඳහන් සමාජවිද්‍යා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් අමතන්න.

ප්‍රකාශ් (සභාපති ) – 0777348822

ක්‍රිශාන් (උප සභාපති ) – 0775134076

නිරෝෂා (කනිෂ්ඨ භාණ්ඩාගාරික ) – 0711798897

අපගේ ඊමේල් ලිපිනය – socioscopeblog@gmail.com

Post a comment or leave a trackback: Trackback URL.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: