Monthly Archives: November 2015

තෙවන වසර ක්ෂේත්ර පුහුණු වැඩසටහන 2015 මැයි 05-09

ප්‍රභාමත් මඩකළපු මාතාවණි …
අතිශය සුවඳවත් ඔබේ ජීවන මතකය ස්මරණය කරමු ..
මිහියෙන් නැගෙන නැවුම් පුස්ඹෙන් පෙනහලු පුරවා ගතිමු ..
මතක අමතක නොකරන කල්ලඩි පාලම යට
සිංදු කියන මාළු පැටවු තාමත්
නව අරුණැල්ලක සිහින දකිනවද?

ජීවන පාටයන් නීල වර්ණයෙන් සතපවන
අහස් කුසත් , සාගර ජලයත් මතක් කළ බව කියන්න ..
විඩාබර දාහය ,පිපාසය නිවන තල් රුප්පාවන්ගේ පහස
මනාව වින්දනය කළෙමු ….

බිඳුණු ,පෑරුණ සිත් සුවපත් කරන
අලුත් ලෝකයකට පාර කියන
නැවුම් ඉරක් පායා නැතිද තවම….
බෙදුම් රේඛා ඔස්සේ බෙදෙන වෙන්වෙන
සිහින වෙනුවට මානව ප්රේබමයෙන් වෙළෙන ලොවක් තනමු ..
අපේම ලොවක සියලු මායිම් පරදවන
ළෙන්ගතු ප්‍රේමීය බසකින් මුමුණමු සිනාසෙමු..
ජීවන ආකාසයේ උන්මාදයෙන් සැරිසරමු ..
හඬ ගා කියමු ඒ අලුත් ඉර නොබෝ දිනකින් පායන වග………………………..
එම් .ඒ දිශාන් මදුශංඛ
තෙවන වසර